Tuesday, July 21, 2020

කුරක්කන් බෝගයේ සම්භවය -Origin of Finger Millet

කුරක්කන් - தினை விரல் - Finger Millet

                            Eleusine coracana                                                



''ඇඟිලි මෙනේරි හෙවත් කුරක්කන් අප්‍රිකාවේ සම්භවය වූ අතර අප්‍රිකාවේදී එම බෝගය වගා කිරීම ආරම්භ කර ඇත (domestication-https://www.lexico.com/en/definition/domestication). පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ජනවහර අනුව පෙනී යන්නේ මීට වසර 5,000 කට පමණ පෙර නැගෙනහිර අප්‍රිකාවේ ගොවි ප්‍රජාවන් මෙම බෝගය වගා කරමින් සිටි බවයි.  මුලදී වගා කල වපසරිය නිශ්චිත ලෙස නොදන්නා අතර එය බටහිර උගන්ඩාව සහ නැගෙනහිර අප්‍රිකාවේ ඉතියෝපියානු උස්බිම් අතර ඕනෑම තැනක සිදුවන්නට ඇති බවට යෝජනා වී ඇත. මීට වසර 3,000 කට පමණ පෙර අප්‍රිකාවේ සිට මෙම බෝගය ඉන්දියාවට ගෙන එන ලද අතර ඉන් අනතුරුව ඉන්දියානු උප මහද්වීපය බෝගයේ ද්විතීයික විවිධත්ව කේන්ද්‍රස්ථානය බවට පත්විය. වගා කරන ලද ඇඟිලි මෙනේරි හෙවත් එලියුසින් කොරකානා වල කොරකානා උප විශේෂය ව්‍යුත්පන්න වී ඇත්තේ එලියුසින් කොරකානා වල්දර්ශයේ ඇෆ්රිකානා උප විශේෂයේ විශාල ධාන්‍ය විකෘතියක් තෝරා ගෙන වගා කිරීමෙනි. වගා කරන ලද මෙනේරිවල පරම්පරාව පිලිබඳ  සෛල විද්‍යාත්මක සහ රූප විද්‍යාත්මක සාක්ෂි මෙන්ම අණුක දත්ත විවිධ විද්‍යාඥයන් විසින් සපයා ඇත''.https://link.springer.com/chapter/10.1007%2F978-3-540-34389-9_10

 

0 comments:

Post a Comment