Friday, July 31, 2020

කුරක්කන් ජාන සම්පත් සංරක්ෂණය : Finger Millet - Conservation of Genetic Resources

ජාන සම්පත් සංරක්ෂණය

පී. ජී. ආර්. සී. යන කෙටි නාමයෙන් හඳුන්වන පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය (Plant Genetic Resources Centre - PGRC) ගන්නොරුව කෘෂිකාර්මික සංකීර්ණයේ පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ සියලුම බෝග ප්‍රභේද සහ ඒවායේ වල් දර්ශයන් සංරක්ෂණය කිරීමේ ජාතික වගකීම පී.ජී.ආර්.සී. වෙත පැවරී තිබේ. එම ආයතනය පිහිටුවීමේ පරමාර්ථය වන්නේ වර්තමාන හා අනාගත පරම්පරාවල ප්‍රයෝජනය සඳහා germplasm ගවේෂණය කිරීම, එකතු කිරීම, ඇගයීමට ලක් කිරීම, ගුණ කිරීම, සංරක්ෂණය කිරීම හා  භාවිතය ප්‍රවර්ධනය කිරීමයි.

පී. ජී. ආර්. සී. ගවේෂණ ඒකකය (Exploration unit) විසින් පැලෑටි හා ජාන සම්පත් ගවේෂණය කිරීම හා එකතු කිරීම සිදු කරනු ලැබේ. එමගින් පහත දැක්වෙන පරිදි පුළුල් පරාසයක ජානමය ද්‍රව්‍ය එකතු කරයි.

·                   වල් දර්ශ වශයෙන් හැඳින්වෙන බෝගයට නෑකමක් දක්වන ජාන සම්පත්

·                   පාරම්පරික කෘෂිකර්මාන්තයේ දී භාවිත කළ ප්‍රභේද. Land races, primitive covers

·                   විද්‍යාත්මක වැඩසටහන්වල නිමැවුම් හෙවත් ශාක අභිජනන වැඩසටහන්වලින් නිපදවන modern cultivars and obsolete cultivars, advanced breeding lines

බීජ සංරක්ෂණ ඒකකය හෙවත් ජාන බැංකුව (Seed Conservation unit/Gene Bankපැලෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ වැදගත් ඒකකයකි. එහි ප්‍රධාන කාර්යයන් වන්නේ සංරක්ෂණය කිරීම සඳහා බීජ ද්‍රවය සැකසීම හා ගබඩා කිරීම, ඒවායේ ජීව්‍යතාවය පවත්වා ගැනීම හා විපරම් කිරීම, monitoring, හා සංරක්ෂිත germplasm බෙදා හැරීම යි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කුරක්කන් බෝගය ආශ්‍රිත ජාන සම්පත් වශයෙන් වැඩිමල් කුරක්කන් හා බාල කුරක්කන් යන දෙවර්ගය සංරක්ෂණය කර තිබේ.

  




වැඩිමල් කුරක්කන් බාල කුරක්කන් 

0 comments:

Post a Comment