කුරක්කන් භෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ මෑත කාලීන මැදිහත්වීම්
බෝග ප්‍රවර්ධන
ප්‍රතිපත්ති සහ වැඩසටහන්
රටක් ආහාර
නිෂ්පාදනය අතින් ස්වයංපෝෂණය වීම සාධනීය ලක්ෂණයකි. රට තුල වගා කල හැකි ආහාර බෝග වගා
කර රටට අවශ්‍ය තරම් ආහාර නිපදවා ගැනීම එහි සරළ අර්ථය යි. ශ්‍රී ලංකාව කුරක්කන්
නිෂ්පාදනය අතින් ස්වයංපෝෂණයවීම සඳහා සැලසුම් සකස් කරන්නේ 2007 වර්ෂයේදී. 2007-2010
තෙවසර සදහා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සැළසුම් කළ අපි වවමු රට නගමු (let’s
grow and build the nation) වැඩ සටහන මගින් රට තුළ වගා කළ හැකි
සෑම ඉඩකඩක්ම වගා කර එතෙරට ඇදෙන විදේශ විණිමය ඉතිරි කර ගැනීම අරමුණු කරන ලදී. ඖශධීය
වටිනාකමකින් යුත් කුරක්කන් බෝගයේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම ද ඒ තුල ගැබ්වී
තිබුණු තවත් අරමුණක්. ඉන් අනතුරුව ආහාර නිෂ්පාදන වැඩ සටහනේ දෙවන අදියර වසර 2015 දක්වා දීර්ග කරන ලදී.
ජාතික ආහාර නිෂ්පාදනය සඳහා වූ ජනාධිපති
කාර්ය සාධන බළකාය විසින් සැලසුම් කරන ලද 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන'
දියත්
වන්නේ 2016-18 කාල සීමාව ඉලක්ක කර ගෙන යි (Food
Production National Programme 2016-2018). වගුව අංක 1 මගින් දැක්වෙන පරිදි එම
වැඩ සටහන තුල කුරක්කන් බෝගය සඳහා විශේෂ ස්ථානයක් හිමි විය. ඒ අනුව වැඩසටහනේ අවසන්
වර්ෂය වන 2018 දී හෙක්ටයාර් 7200ක කුරක්කන් වගා කර මෙට්‍රික් ටොන් 9000ක් අස්වනු
නෙළා ගැනීමට සැලසුම් කරන ලදී. එම වගුවේ
සඳහන් අපේක්ෂිත අස්වනු දත්තවලට අනුව පෙනී යන්නේ වසරක් පාසා නිෂ්පාදන ඵලදායීතාව ඉහළ
නැංවීමට ද ඉලක්ක තබා ඇති බව යි. වගා හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 1.25ක් හෙවත් අක්කරයකින්
කිලෝ ග්‍රෑම් 568ක් අස්වැන්නක් නෙළා ගැනීමේ අරමුණින් විවිධ ක්‍රියාකාරකම් ද ඊට
ඇතුලත් වී තිබුණි.
වගුව අංක 01:ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016-2018 : කුරක්කන්
බෝගය සඳහා නිෂ්පාදන ඉලක්ක
වර්ෂය
|
වගා වපසරිය (හෙක්.)
|
නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්)
|
මුල්‍ය අවශ්‍යතාව (රුපියල් මිලියන)
|
අපේක්ෂිත අස්වැන්න (මෙට්‍රික්
ටොන්/හෙක්.)
|
2016
|
5,200
|
6,000
|
24
|
1.15
|
2017
|
6,250
|
7,500
|
24
|
1.20
|
2018
|
7,200
|
9,000
|
24
|
1.25
|
මූලාශ්‍රය: Food
Production National Programme 2016-2018 -ජාතික ආහාර නිෂ්පාදනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බළකාය, 2015.
කුරක්කන් වගාව ප්‍රවර්ධනය කිරීම සදහා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ
යෝජිත ක්‍රියාකාරකම්
·
වගා වපසරිය ඉහළ නැංවීම හා නිෂ්පාදකතාව ප්‍රවර්ධනය
කිරීම
·
සහතික කළ බීජ භාවිතය ජනප්‍රිය කිරීම සහ ස්වයං
බීජ නිෂ්පාදනය වැඩි කිරීම
·
ගොවිපල යන්ත්‍රෝපකරණ,
අස්වනු
හා සැකසුම් උපකරණ හඳුන්වාදීම තුළින් අස්වැන්නෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම
සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම
·
පාංශු තෙතමනය ආරක්ෂා කිරීම සහ පාංශු සංරක්ෂණ ක්‍රම
භාවිතා කිරීමෙන් පාංශු ඛාදනය අවම කිරීම
·
සහතික කළ මිල සහ ස්ථාවර වෙළඳපොලක් හඳුන්වා දීම
·
ගබඩා පහසුකම් ස්ථාපිත කිරීම
·
අගය එකතු කළ ආහාර ජනප්‍රිය කිරීම
හුදෙක් බීජ හෝ පොහොර සහනාධාර ලබාදීම තුලින් වපසරිය ඉහළ නැංවීම බෝග ප්‍රවර්ධන වැඩ සටහන්වල පොදු ලක්ෂණය කි. එහෙත් යෝජිත ක්‍රියාකාරකම් වපසරිය ඉහල නැංවීමට පමණක් සීමා නොවූ කුරක්කන් බෝගය වගා පද්ධතියක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් දැක්මක් සහිතව යෝජනා කර ඇති බව නිශ්චිත ය. බෝග නිෂ්පාදන අගය දාමයේ බොහෝ ගැටළු ආමන්ත්‍රණය කිරීමට යෝග්‍ය ක්‍රියාකාරකම් ඊට ඇතුලත් වේ. ඒ අනුව, එම තෙවසර අවසානයේ කුරක්කන් වගාව සම්බන්ධයෙන් අත්කරගත් ප්‍රගතිය වගුව අංක 2 න් දැක්වේ. ඒ අනුව 2016 වර්ෂයේදී වගා වපසරිය, නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායීතාව යන සියලු මානයන් ඔස්සේ තැබූ ඉලක්ක අභිභවා ගොස් තිබේ. 2017 වර්ෂයේදී ඉලක්කගත වපසරිය වෙත ලඟා වීමට අපහසු වී ඇති නමුත් නිෂ්පාදන ඵලදායීතාව ඉහළ මට්ටමක පැවතීමෙන් ඉලක්කගත සමස්ත නිෂ්පාදනය අභිබවා යාමට සමත් වී තිබේ. 2018 වර්ෂයේදී ඉහත දැක් වූ සියලු මානයන් අතින් සුළු පසුබෑමක් වාර්තා වේ. කෙසේ නමුත්, ඉහත විග්‍රහය මගින් ගම්‍ය වන්නේ අපේක්ෂිත නිෂ්පාදන ඉලක්ක වෙත ළඟාවීමේ අවිනිශ්චිතතාවය පිලිබඳ යථාර්තය යි.
වගුව
අංක 02: ආහාර නිෂ්පාදන ජාතික
වැඩසටහන 2016-2018 න්
පසු කුරක්කන් බෝගය අත් කර ගත් ප්‍රගතිය
වර්ෂය
|
වගා වපසරිය (හෙක්.)
|
ප්‍රගතිය
(%)
|
නිෂ්පාදනය (මෙට්‍රික්
ටොන්)
|
ප්‍රගතිය
(%)
|
අස්වැන්න (මෙට්‍රික් ටොන්/හෙක්.)
|
ප්‍රගතිය
(%)
|
2016
|
6,151
|
118%
|
8,564
|
142%
|
1.39
|
121%
|
2017
|
4,205
|
67%
|
8,060
|
107%
|
1.92
|
160%
|
2018
|
6,770
|
94%
|
7,993
|
89%
|
1.18
|
94%
|
වගා වපසරිය සහ නිෂ්පාදන දත්ත මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඉහත දැක් වූ පරිදි වර්ෂ 2007න් ආරම්භ වී ගෙවුණු දශකයකට අධික කාලයක් මුළුල්ලේ කුරක්කන් බෝගය ප්‍රවර්ධනය
කිරීම සඳහා අකණ්ඩ ප්‍රයත්නයක නියැළුණි. එලෙස අත් කරගත් ප්‍රගතියත් සමග, තවදුරටත් කුරක්කන් වගාව ප්‍රවර්ධනය
කිරීම වර්තමාන ''සෞභාග්‍යා'' ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ
අභිලාශය යි. එමගින්, බඩ ඉරිඟු, අර්තාපල්, ලොකු ලූණු, රතු ලූණු, මුං ඇට, රටකජු, මිරිස්, සෝයා බෝංචි, කුරක්කන්, කව්පි, තල, කහ, කොල්ලු, ඉඟුරු සහ සුදු ලූණු යනාදී බෝග
වර්ග 16ක් ආනයනය කිරීම අත්හිටුවා එම බෝග වර්ග රට තුළ
නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ යි.
0 comments:
Post a Comment